EDSODA සංකල්පයට අනුව අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග සම්පත් වල අවශ්‍යතාවය පිළිබඳව හඳුනාගනිමු. උපාය මාර්ගයන්හි උපාය මාර්ගික අරමුණු මෙන්ම එම අරමුණු සාක්ෂාත් කෙරෙන මාර්ගය ද ඇතුළලත්ය ඒ අනුව ගමනාන්තය හෙවත් දැක්ම සහ එම දැක්ම සාක්ෂාත් කරගන ගන්නා සැලසුම් මාර්ගය හඳුනා ගත යුතුය. ඒ අනුව පාසලේ වර්තමාන තත්වය හොඳින් අවබෝධ කරගෙන පහත සඳහන් විශ්ලේෂණ සංරචක අධ්‍යනය කරමින් අවශ්‍ය උපාය මාර්ග වලට පිවිසිය යුතුය. - අභ්‍යන්තර සම්පත් හා හඳුනා ගැනීම - පාසලට බලපා බලපාන පරිසරය හඳුනා ගැනීම - පාසලේ සංස්කෘතිය හා අගය විශ්ලේෂණය කිරීම පළමුවෙන් පාසල සතු ගොඩනැගිලි, කාර්ය මණ්ඩලය, මූල්‍ය තත්ත්වය අභ්‍යන්තර සම්පත් පිළිබඳවත් ඒවා ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුය. එසේම දැනටමත් ප්‍රයෝජනයට ගෙන නොමැති ගොඩනැගිලි හා කාාර්යමණ්ඩලය සතු විභව්‍යතා තිබේදැයි සොයා බැලිය යුතුය. එසේම පාසලේ අවට කර්මාන්ත ශාලාව හෝ ආධාර ලබන්නන් මගින් ලබාගත් හැකි සම්පත් පිළිබඳ විමසිය යුතුය. පාසලට බලපාන බාහිර සාධක පිළිබඳව විශ්ලේෂණයෙන් අදහස් වන්නේ පාසලේ අනාගතයටත් මෙම සාධක වල ඇති බලපෑම් සොය...