Skip to main content

S - Situation new - වර්තමාන තත්වය


වර්තමානයේ මුළු පාසල් පද්ධතියට ම භූගෝලීය, ආර්ථික හා දේශපාලන යන්න අංශ තුනෙන්ම අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කර කරගැනීම ඉතා වැදගත් වන්නේ උපායමාර්ගික සැලසුම් කරණයේ පහසුව සඳහාය.
විසිඑක් වන සියවසේ ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයම රටවල් විශාල වෙනස්කම් රාශියකට ලක් කරයි.  ගෝලීයකරණය, සන්නිවේදනය, විප්ලවය හා වෙළඳපල ආර්ථිකය හරහා අභියෝග රැසක් නිර්මාණය කරයි.  සියවසේ සිදුවන වෙනස්කම් හමුවේ නිර්මාණය වන අධ්‍යාපන ක්‍රමයට සුදුසු පරිපාලන ක්‍රමයක් ගොඩ නැගීමට වර්තමානයේ පාසල් විවිධ සංකල්ප ඔස්සේ ගමන් කරනු ලබයි. 
විසින් එක්වන සියවසේ අධ්‍යාපනය නූතන ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය කුසලතා පදනම් කර ගත යුතුය. මෙම කුසලතා භාවිත කිරීමට අවශ්‍ය විශ්වාසය ඔවුන් තුළ ඇති කළ යුතුය.  100ක් වන සියවසේ තොරතුරු රාශියක් ඔවුන් හමුවේ ඇති අතර, මෙම   තොරතුරු තේරුම් කර ගැනීමටත්, භාවිතයට හා හුවමාරු කර ගැනීමටත් හැකි විය යුතුය.   ඒ අනුව වර්තමානයේ පාසල් නවීන තාක්ෂණික උපකරණ භාවිතය තුළින් සංවර්ධිත ලෝකය කරා පියමන් කිරීමට උත්සාහ ගනී.  පැවැති කොවිඩ් වසංගතය හමුවේ වෙනස්ව වීමට භාජනය කළා නොව ඉබේම මෙම මාවතේ ගමන් කිරීමට හැකිවිය.  ඒ නිසා දරුවන් තුළ මෙන්ම පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ ද තාක්ෂණික දැනුම ඉහළ යාම හඳුනාගත ගත හැකි විය. ඒ අනුව පලවන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා මාර්ගගත ඉගැන්වීම සිදු විය. එනමුත් ඒ සඳහා සහභාගී වූ පිරිස පාසල් දරුවන්ගෙන් 60% - 65% ත් අතර  ප්‍රමාණයක් විය. ඉතිරි ප්‍රමාණය මෙම  කාර්යයෙන් ගිලිහී ගිය අය ලෙස අපට හඳුනාගත හැකිවිය.

At present, the entire school system has to face many challenges from all three aspects: geographical, economic and political. A thorough understanding of the current situation is very important to facilitate strategic planning.
In the twenty-first century, the whole world, including Sri Lanka, is undergoing many major changes. Globalization, communication, revolution and market economy create many challenges. In order to build an administrative system that is suitable for the educational system created in the face of the changes that are taking place in the century, schools are currently moving through different concepts.
1st century education should be based on the skills needed to survive in the modern world. They need to be instilled with the confidence to use these skills. 100th century information is available to them and they need to be able to understand, use and share this information. Accordingly, nowadays schools are trying to step towards the developed world through the use of modern technical equipment. In the face of the Covid epidemic, we were not forced to change, but we were able to walk on this path automatically. Therefore, it was possible to identify the increase in technical knowledge in the children as well as in the academic staff of the school. Accordingly, online teaching took place from grade 1 to grade 13. However, the number of participants was between 60% - 65% of school children. We could identify the rest as those who were lost in this work.

Comments

Popular posts from this blog

D - Direction - වර්තමානයේ පාසල ගමන් කරන දිශාව

  වර්තමානයේ පාසල ගමන් කරන දිශාව පිළිබඳ සැලකීමේදී පාසල් ජන සමාජය අපට අමතක කළ  නොහැක. පාසල් ජන සමාජය මගින් ගමන් කරන නිසා දිශාව නිවැරදිදැයි තක්සේරුවක යෙදෙයි. එසේ යෙදෙන පාසලක පාර්ශවකරුවන් ද අපට හඳුනාගත් ගත හැකිය   මෙසේ පාසල් පාර්ශවකරුවන් සමග  එකට  එක්ව කටයුතු කරමින්  අප යාමට උත්සාහ කරනු ලබන්නේ පාසලේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් ජාතික අධ්‍යාපන පොදු අරමුණු වෙත ළඟා වීමට ය. සංවර්ධනය කරා ළඟා වන්නා වූත්, ලෝකයට ගැලපෙන දැනුම, අවබෝධය යන සරල බුද්ධිමය හැකියාවන් ගේ සිට විමර්ශනශීලී, ගවේෂණශීලී චින්තනය හා නිර්මාණාත්මක කුසලතා වලින් සමෝධානිත වූ ඉහළ බුද්ධිමය හැකියා මෙන්ම මෘදු කුසලතා පෙරදැරි වූ භාවමය, බුද්ධිමය හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ සමබර  පෞරුෂයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම සමස්ත අධ්‍යාපන  ක්‍රියාවලියේ අපේක්ෂිත ඵලය වේ. ඒ සඳහා යොමු වීමේදී ධරණීය මානව සංවර්ධන රාමුව ඇතුළත අධ්‍යාපනය තුළින් ළඟා කරගත යුතු පහත දැක්වෙන අරමුණු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අධ්‍යාපන පද්ධතිය සඳහා ඉදිරි දැක්ම ලෙසට ප්‍රත්‍යක්ෂ කොට ඇත  එම අරමුණු නම්, - ජාතික ඒකාබද්ධතාව, ජාතික ඒකාග්‍රතාව...

E - Experience - අප පැමිණි ගමන් මඟ

ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල අධ්‍යාපන කලාපයේ හාලිඇල අධ්‍යාපන කොට්ඨාශයට අයත් ජාතික පාසලකි. අක්කර 5 ක වපසරියකින් යුත් අප පාසල බදුල්ල , කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නගරය ආසන්නයේ රමණීය පරිසරයක පිහිටා ඇත. මෙහි ඉතිහාසය අභිමානවත් වූවකි. පාසලේ ආරම්භය 1889 බව  Uva Government Manual    වාර්තාවේ සඳහන් වේ. මුල්ම නම බ/දික්වැල්ල මහාවිද්‍යාලය මෙය වර්තමාන විද්‍යා විද්‍යාලීය භූමියයි. මෙය ඌවේ ඉපැරණි පාසලකි.  මුලදී මානං සෙවිලි කරන ලද නිවසක් හා ගුරු නිවාසයක් තිබුණි. මානං සෙවිලි කළ මෙම   ගොඩනැගිල්ල තහඩු සෙවිලි කරන ලද එකක් බවට 1910 දී පත්ව ඇත. විද්‍යාලයේ මුල්ම විදුහල්පති පස්සර ප්‍රදේශයේ කෙනෙක් බව සඳහන් වේ. මෙහි ඉගෙනගත් සිසුහු බොහෝ දිළිදු අය වේ.  නිල ඇඳුම බැනියමකට හා සරමකට සීමා වී ඇත. බාලාංශයේ සිට  8 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කෙරිණ. සිසු පිරිස බොහෝ කාලයක් යනතුරු  සීයකට වැඩි නොවීය. මිශ්‍ර පාසලකි. ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම සිදුවූයේ 1934 දීය. ගුරු මහතාගේ වැටුප  එක් ළමයකුගේ සත 50ක් එකතු කර ගෙවා ඇත. 1944 දී දෙටු පෙළ සමත් සිසුන්  හතර දෙනෙක් ...

Action steps - ඒ සඳහා උපාය මාර්ග හා සම්පත් වල අවශ්‍යතාවය

EDSODA සංකල්පයට අනුව අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග සම්පත් වල අවශ්‍යතාවය පිළිබඳව හඳුනාගනිමු. උපාය මාර්ගයන්හි උපාය මාර්ගික අරමුණු මෙන්ම එම අරමුණු සාක්ෂාත් කෙරෙන මාර්ගය ද ඇතුළලත්ය ඒ අනුව ගමනාන්තය හෙවත් දැක්ම සහ එම දැක්ම සාක්ෂාත් කරගන ගන්නා සැලසුම් මාර්ගය හඳුනා ගත යුතුය. ඒ අනුව පාසලේ වර්තමාන තත්වය හොඳින් අවබෝධ කරගෙන පහත සඳහන් විශ්ලේෂණ සංරචක අධ්‍යනය කරමින් අවශ්‍ය උපාය මාර්ග වලට පිවිසිය යුතුය.  - අභ්‍යන්තර සම්පත් හා හඳුනා ගැනීම - පාසලට බලපා බලපාන පරිසරය හඳුනා ගැනීම - පාසලේ සංස්කෘතිය හා අගය විශ්ලේෂණය කිරීම පළමුවෙන් පාසල සතු ගොඩනැගිලි,  කාර්ය මණ්ඩලය,   මූල්‍ය තත්ත්වය අභ්‍යන්තර සම්පත් පිළිබඳවත් ඒවා ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුය.  එසේම දැනටමත් ප්‍රයෝජනයට ගෙන නොමැති ගොඩනැගිලි හා කාාර්යමණ්ඩලය සතු විභව්‍යතා තිබේදැයි සොයා බැලිය යුතුය. එසේම පාසලේ  අවට කර්මාන්ත ශාලාව හෝ ආධාර ලබන්නන් මගින් ලබාගත් හැකි සම්පත් පිළිබඳ විමසිය යුතුය.  පාසලට බලපාන බාහිර සාධක පිළිබඳව විශ්ලේෂණයෙන් අදහස් වන්නේ පාසලේ අනාගතයටත් මෙම සාධක වල ඇති බලපෑම් සොය...